පරිගනක වැඩසටහනක් යනු පරිගනකයක ක්‍රියාකාරීත්වය සඳහා දෙන ලද උපදෙස් (විධාන) මාලාවක් බව පසුගිය පාඩමේදී සාකච්චා කලෙමු. දැන් අප සාකච්චා කිරීමට යන්නේ එහි ස්වභාවය සහ ක්‍රියා කරන ආකාරය ගැනයි.
පරිගනකයකට ලබා දෙන විධාන විවිධ මට්ටම් වල භාෂා වලින් ලියනු ලබයි. නමුත් ඇත්ත වශයෙන්ම පරිගනකයක් ක්‍රියා කරන්නේ ඉතාම විද්‍යුත් මට්ටමේ යන්ත්‍ර භාෂා විධාන මගිනි. මේවා ක්‍රියා කරන්නේ විද්‍යුත් සංඥා ලෙසටය. මෙම විද්‍යුත් සංඥා පරිගනකයේ ප්‍රධාන පාලක ඒකකය (Central Processing Unit/Control Unit) තුල ක්‍රියා කර මුලු පරිගනක පද්ධතියේම ක්‍රියාකාරීත්වය පාලනය කරයි.
මෙම වැඩසටහන් ගබඩා කර ඇත්තේ පරිගනකයේ ස්ථාවර මතකය තුලයි. එය ක්‍රියාත්මක කල විට පරිගනකයේ ප්‍රධාන මතකය මතට ප්‍රවේශ වී විධාන එකින් එක ප්‍රධාන පාලක ඒකකය මගින් ලබා ගනී. ප්‍රධාන පාලක ඒකකයට එකවර ක්‍රියාත්මක කල හැක්කේ එක් විධානයක් පමනි. මෙම එක් විධානයක් පියවර හතරක් තුලදී සම්පූර්ණ කල විට ඊලඟ විධානය ලබා ගනී.
මෙම යන්ත්‍ර විධාන භාෂා CISC, RISC, PIC ඇතුලු නොයෙක් නම් වලින් හඳුන්වයි. මෙම යන්ත්‍ර භාෂා වල ඇති ප්‍රධානතම අඩුපාඩු දෙක නම් මේවා නිශ්පාදකයාගෙන් නිශ්පාදකයාට වෙනස් වීමයි. එනම් එක් නිශ්පාදකයෙකුගේ පරිගනකයක ක්‍රියා කරන වැඩසටහනක් වෙනත් නිශ්පාදකයෙකුගේ පරිගනකයක ක්‍රියා නොකිරීමයි.
අනෙක් අඩුපාඩුව නම් මේවා ඉතා සංකීර්ණ භාෂා නිසා සංකීර්ණ වැඩසටහන් ලිවීම ඉතා අපහසු වීමයි. මෙම භාෂා වලින් දෙන විධාන මගින් සිදු කරන්නේ පරිගනකයේ ඉතා සියුම් ක්‍රියාකාරීත්වයන් ය.
මෙයට විසඳුමක් ලෙස ඉහල මට්ටමේ පරිගනක භාෂා නිර්මාණය කර ඇත. මෙම ඉහල පරිගනක භාෂා වලින් දෙන ලද විධාන පසුව පහල මට්ටමේ යන්ත්‍ර විධාන වලට පරිවර්තනය කර පරිගනකයට ලබා දිය හැක. මෙසේ ඉහල මට්ටමේ විධාන යන්ත්‍ර විධාන වලට හැරවීම Compiling සහ Interpriting ලෙස හැඳින්වේ. මේ සඳහා යොදාගන්නා වැඩසටහන් Compilers සහ Interpriters ලෙස හැඳින්වේ.



























































































No comments:
Post a Comment