පරිගනකයක ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන උපදෙස් (වැඩසටහන්), ඒවායේ භාවිතා වන දත්ත සහ සැකසූ තොරතුරු ගබඩා කර තැබීමට පරිගනක මතකය අවශ්‍ය වේ. පරිගනකයේ මතකය ක්‍රියා කරන ආකාරය සහ එය යොදාගෙන ඇති ආකාරය අනුව වර්ග කර ඇත.
පරිගනක මතකය විද්‍යුත් වශයෙන් ක්‍රියාකාරී (Dynamic) පරිපථ කොටසක ගබඩා කල විට එය නැවත කියැවීම හෝ ලිවීම ඉතා වේගවත්ව සිදු කල හැක. නමුත් මතක පරිපථ නිපදවීම වියදමින් අධිකය, එම නිසා මේවායේ මතක ප්‍රමාණය සීමා සහිතය. එමෙන්ම විදුලි සැපයුම අත් හිටවූ විට මේවායේ ගබඩා කල දත්ත විනාශ වේ.
මෙහිදී උපයෝගී කර ගන්නේ ට්‍රාන්සිස්ටරයක පෙර නැඹුරුවට ගතවන ප්‍රමාදයයි. ට්‍රාන්සිස්ටර දෙකක් යොදා ගෙන එකක් මගින් අනෙකක් එය මගින් නැවත මුල් ට්‍රාන්සිස්ටරයත් පෙර-පසු නැඹුරු කරමින් විද්‍යුත් සංඥාවක් වෘත්තාකාර පථයක සිර කර තැබීමෙන් එක් මතක සෛලයක් ක්‍රියා කරයි.
එම නිසා ස්ථීර ලෙස සහ දීර්ඝ කාලීනව දත්ත ගබඩා කර තැබීමට විද්‍යුත් චුම්භක පටි (Cassette), තැටි (Magnetic Disk), ධාරිත්‍රක න්‍යාස (Flash Memory) සහ ප්‍රකාශ තැටි (Optical Disk - CD) භාවිතා කරයි. දත්ත සැකසීමට අවශ්‍ය වූ විට ඒවා විද්‍යුත් වශයෙන් ක්‍රියාකාරී මතකයට පිටපත් කෙරේ.
මුල් කාලීන පරිගනක වල ස්ථීර ලෙස දත්ත ගබඩා කිරීමට චුම්භක පටි, කැසට් යොදා ගනු ලැබීය. මේවා කියැවිය හැක්කේ මුල සිට අගට පමණි. එනම් පටියේ මැද ඇති දත්තයක් කියැවීම සඳහා එය මැද දක්වා එතිය යුතුය. මෙසේ රේඛීයව කියැවිය යුතු මතකයන් Sequential Access Memory ලෙස හැඳින්වේ.
මේවායේ ඇති දුර්වලතා මග හැර ඕනෑම තැනකින් කියැවීම ආරම්භ කිරීමට (Random Access) හැකි වන ලෙස චුම්භක තැටි භාවිතයෙන් පරිගනක මතකය නිශ්පාදනය විය. මෙම තැටියේ මැද සිට කෙලවර දක්වා වෘත්තාකාර පථ වල දත්ත ගබඩා කර ඇති අතර එය මත අරීයව චලනය වන විද්‍යුත් චුම්භකයක් මගින් එය මත දත්ත ලිවීම සහ කියැවීම සිදු කරයි.
පරිගනක සඳහා මතකය ගබඩා කිරීමට තැනූ මුල්ම පර්යේශනාත්මක චුම්භක තැටිය විශ්කම්භයෙන් අඩි හතරක් පමන විශාල විය. එය වටයක් කැරැකීම සඳහා විනාඩියක් පමන ගත විය. නමුත් චුම්භක පටි වලට වඩා මෙය වේගවත් ය.
ඉතාම කුඩා මට්ටමින් පරිගනක මතකය සංවිධානය වී ඇත්තේ "ඇත හෝ නැත" තර්කයක් ලෙසය. එනම් විද්‍යුත් සංඥාවක් ඇතිද නැතිද යන වගයි. විද්‍යුත් සංඥාවක් ඇත්නම් 1 ලෙසත් එසේ නොමැතිනම් 0 ලෙසත් සැලකේ. මෙම කුඩාම මතක ඒකකය බිට් එකක් (1 bit) ලෙස හඳුන්වයි. බිට් එකකින් අපට නිරූපනය කල හැක්කේ 0 සහ 1 පමනි. නමුත් බිට් දෙකක් භාවිතා කිරීමෙන් 0, 1, 2, 3 අංක තුනක් නිරූපනය කල හැක. ඒ මෙසේ යි.
සංඥා දෙකම නැති විට 0.
පලමු සංඥාව 0 ත් දෙවන සංඥාව 1 ත් විට 1.
පලමු සංඥාව 1 ත් දෙවන සංඥාව 0 ත් විට 2.
සංඥා දෙකම ඇති විට 3
එක් බිටුවකින් එතරම් ප්‍රයෝජනයක් ගත නොහැකි නිසා ඉහත ක්‍රමයට බිටු 8ක් එකතු කර බයිටයක් (Byte) යැයි සම්මත කරගෙන ඇත. බිටු 8ක් මගින් එකිනෙකට වෙනස් සංඛ්‍යා ස්ථාන 256ක් දැක්විය හැක.
මෙම බිටු අටේ බයිටයෙන් නිරූපනය වන සංඛ්‍යා ස්ථාන වලට 0 සිට 9 දක්වා ඉලක්කම් ද ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් සහ සිම්පල් අක්ශරද ලතින් අකුරු සහ ග්‍රීක අක්ශර කිහිපයක් ද සමග නොයෙක් සංකේතද නිරූපනය කිරීමට සම්මතයක් ගොඩනගා ඇත. මෙම සම්මතය හඳුන්වන්නේ ASCII (තොරතුරු සම්ප්‍රේශනය සඳහා වූ ඇමැරිකානු සම්මත කේත ක්‍රමය - American Standerd Code for Information Interchange)
ලෝකයේ භාෂා බොහෝමයක අක්ශර නිරූපනය කිරීමට සම්මත කරගෙන ඇති යුනිකෝඩ් කේත ක්‍රමය තනා ඇත්තේ එක් අක්ශරයක් නිරූපනය කිරීමට බිටු 16ක් යොදාගෙනය. එවිට එකිනෙකට වෙනස් සංඛක්‍යා ස්ථාන 65,536ක් දැක්විය හැක.



























































































No comments:
Post a Comment