මුල්ම පරිගනක වැඩසටහන ලියමු

දැන් අපි සරලම පරිගනක වැඩසටහනක් ලියා බලමු, ඔබ ලිවිය යුත්තේ එකම එක පේලියක් පමනි.

Console.Write("Hello, World!")

* මෙසේ Sub Main() සහ End Sub අතර ලියන්න.

* දැන් කොල පැහැ ත්‍රිකෝනාකාර "Start Debugging" බොත්තම ඔබන්න.

* එවිට ඔබට කලු පැහැ කවුලුවක් තුල සුදු අකුරින් Hello, World! යන්න දිස්වේ. නමුත් එසැනින් මෙම කවුලුව වැසී යන නිසා ඔබට එය කියවා අවසන් කිරීමටවත් ඉඩක් නොලැබෙනු ඇත. එසේ වන්නේ ඔබ ලියූ වැඩසටහන ඊට අදාල කාර්යය අවසන් කල නිසා එය ඉවත් ව යාමයි.

* වැඩසටහන ධාවනය වී අවසන් වීම වැලැක්වීමට යෙදිය හැකි පිලියම නම් එය පරිශීලක ප්‍රතිචාරය බලාපොරොත්තු වීමට සැකසීමයි.

* ඒ සඳහා: Console.Read() යන්න පලමු විධානයට පහලින් ලියන්න, දැන් නැවත ධාවනය කර බලන්න.

එවිට කලු පැහැ තිරයේ "Hello, World යන්න දර්ශනය වී ඔබේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් වැඩසටහන නැවතී සිටී. ඔබ ප්‍රතිචාර වශයෙන් යතුරු පුවරුවේ ඕනෑම බොත්තමක් ඔබන්න, වැඩසටහන අවසන් වේ.

No comments: