වැඩසටහන්කරනය ආරම්භය

මෙතෙක් අප සාකච්චා කලේ පරිගනක වැඩසටහන්කරනයේ මූලිකම සිද්ධාන්තමය පැත්තයි. දැන් අප ආරම්භ කරන්නේ පරිගනක භාෂාවක් භාවිතා කර පරිගනක වැඩසටහනක් ලිවීමයි.

මෙතැන් සිට අපට උදාහරන වශයෙන් ගැනීමට එක් පරිගනක භාෂාවකට සීමා වීමට සිදු වේ. නමුත් ඕනෑම පරිගනක භාෂාවකම වාගේ භාවිතා වන්නේ එකම මූලික සිද්ධාන්ත පද්ධතියක් නිසා එක් පරිගනක් භාෂාවක් භාවිතයෙන් ලබා ගන්නා අත්දැකීම් සහ දැනුම වෙනත් පරිගනක් භාෂාවක් භාවිතා කිරීමට ඉගෙන ගැනීමේදීද මහෝපකාරී වේ.

මෙතැන් සිට අප භාවිතා කිරීමට යන්නේ VB.net පරිගනක භාෂාව සහ .net වේදිකාවයි. මේවායේ තාක්ශනික පැතිකඩ ගැන සාකච්චා කිරීම පසුවට කල් තබා මේවා පරිගනකයේ ස්ථාපනය කර ගැනීම දෙස බලමු.

VB.net යනු Microsoft ආයතනය මගින් නිර්මානය කල පරිගනක භාෂාවකි. VB.net Express Edition 2005 වෙලුම ඔබට http://msdn.microsoft.com/en-us/express/aa975050.aspx සබැඳුමෙන් ද බාගත කර ගත හැක. නමුත් සංගත තැටිය (CD) මිලදීගෙන ස්ථාපනය කිරීමෙන් VB.net වල සම්පූර්ණ ප්‍රයෝජනය ගත හැකි වේ.

එය ස්ථාපනය කර ධාවනය කරන්න. මීලඟට ඔබට Start Page එක ලැබෙනු ඇත.

* File Menu වෙන් New Project යන්න තෝරාගන්න. එහි Project types: යටතේ Windows ද Templates: යටතේ Console Application ද තෝරාගන්න.






* Name යටතේ HelloWorld යැයි
සටහන් කර OK ඔබන්න.

එවිට ඔබට නව පරිගනක වැඩසටහනක් ලිවීම සඳහා ගොනුවක් නිර්මානය කර දී Visual Studio මෘදුකාංගය සූදානම් වේ. මෙම Visual Studio මෘදුකාංගය අයත් වන්නේ සංගෘහිත නිර්මාන පරිසරය (Intergrated Development Environment - IDE) ලෙසය. එනම් ඔබට වැඩසටහන ලිවීමට, පරීක්ෂා කිරීමට සහ Compile කිරීමට පමනක් නොව එම වැඩසටහන වෙනත් පරිගනකයක ස්ථාපනය කිරීමට සූදානම් කිරීම (Setup - Deployment) දක්වා සියලු කර්තව්යයන් එකම මෘදුකාංග පාරිසරිකයක් තුල සිදු කිරීමට පහසුකම් ඇති කර තිබීමයි.

ඉහත පිලිවෙලට අනුගමනය කල විට ඔබේ නව පරිගනක වැඩසටහන සඳහා මුල් පේලි දෙක සහ අවසාන පේලි දෙක ද Visual Studio විසින්ම ලියා දෙනු ඇත. ඔබේ වැඩසටහන Sub Main() කොටස තුල ලිවිය හැක.

No comments: