පරිගනක වැඩසටහනක් සඳහා අප ඉහත සාකච්චා කල එක් බිටුවක් හෝ බයිටයක් බැගින් ගැනීම ප්‍රමානවත් නොවේ. එම නිසා බයිට කිහිපයක් එකතු කර විවිධ වර්ගයේ දත්ත ගබඩා කර තැබීමට දත්ත වර්ග (Data Types) ගොඩනගා ඇත. මෙම දත්ත වර්ග වලට නිඛිල (Integer), දශම (Decimal, Float), අක්ශර (String) ආදි නොයෙකුත් ලෙස වර්ග කර ඇත. මෙම දත්ත වර්ග පරිගනක වැඩසටහන්කරන භාෂාවෙන් භාෂාවට වෙනස් වුවද ඒවායෙන් සිදු වන්නේ එකම කාර්යයයි. දත්ත වර්ග නිසා පරිගනක වැඩසටහන්කරනය පහසු වේ.
විචල්‍යයක් යනු පරිගනකයේ ප්‍රධාන මතකය මත යම් කිසි දත්තයක් ගබඩාකර තබා, එය පරිගනක වැඩසටහනක් තුල භාවිතා කිරීම සඳහා දෙනු ලබන නමකි (ලේබලයකි). එනම් යම් කිසි නමක් සඳහා අපට අගයක් ආදේශ කල හැක. විචල්‍යයක් සඳහා අපට අගයක් ආදේශ කල හැකි අතර විචල්‍යය මගින් එම අගය නිරූපනය කරයි.
උදා:
x = 13
y = 25
විචල්‍යයකට නව අගයක් ආදේශ කල විට එහි කලින් තිබූ අගය මැකී නව අගය සටහන් වේ.
විචල්‍යයකට පරිගනක මතකයේ ආරම්භක ලිපිනයක් ඇත. එමෙන්ම විචල්‍යයේ දත්ත වර්ගය අනුව එම විචල්‍යයට නියමිත බයිට ප්‍රමානයක්ද තීරනය වේ. විචල්‍යයක ඇති දත්තය විචල්‍යයේ නමින් මෙන්ම එහි මතක ලිපිනයෙන් ද ලබාගත හැකිය. විචල්‍යයේ නමින් දත්තය ලබාගත් විට එම දත්තයේ නිරපේක්ශ අගය ලැබේ (By Value), විචල්‍යයේ ලිපිනයෙන් එය ලබාගත් විට එම දත්තය සඳහා යොමුව ලැබේ (*By Reference) එවිට විචල්‍යයේ අගය වෙනස් වන විට පිටපත් කල යොමුවද වෙනස් වේ.
පරිගනක වැඩසටහනක් ලිවීමේදී මුලින්ම ලිවිය යුත්තේ එම වැඩසටහන තුලදී භාවිතා කිරීමට බලාපොරොත්තු වන විචල්‍යයන් සහ ඒවාට යොදාගන්නා දත්ත වර්ගයි. වැඩසටහනක මෙම කොටස Declaration ලෙස හැඳින්වේ. එයින් සිදු වන්නේ වැඩසටන ධාවනය වීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන මතකය වෙන් කරවා ගැනීමයි.
විචල්‍ය නාමයක් ආරම්භ විය යුත්තේ A සිට Z දක්වා වූ ඉංග්‍රීසි කැපිටල් හෝ සිම්පල් අකුරකිනි, අංකයකින් ආරම්භ විය නොහැක. එහි මැද හෝ අවසානයේ අංකයක් හෝ '''_' ලකුණ භාවිතා කල හැක. නමුත් හිස් ඉඩක් " " (Space) භාවිතා කල නොහැක.
Integer හෝ int යනු නිඛිල සංඛ්‍යාවක් නිරූපනය කිරීමට යොදාගත හැකි දත්ත වර්ගයකි. මේ සඳහා බයිට දෙකක් වැය වන අතර -32,768 සිට +32,767 දක්වා අගයක් ගත හැක.
Long:
Long හෝ bigInt යනු Interger වලට වඩා විශාල නිඛිල සංඛ්‍යාවක් නිරූපනය කිරීමට යොදාගත හැකි දත්ත වර්ගයකි. මේ සඳහා බයිට හතරක් වැය වන අතර -9,223,372,036,854,775,808 සිට +9,223,372,036,854,775,807 දක්වා අගයක් ගත හැක.
Char:
Char යනු එක අක්ශරයක් නිරූපනය කිරීමට යොදාගත හැකි දත්ත වර්ගයකි. මේ සඳහා එක බිටුවක් (Unicode නම් බිටු දෙකක්) වැය වන අතර ඕනෑම අක්ශරයක අගය ගත හැක.
String:
String යනු Char යන මූලික දත්ත වර්ගය උපයෝගී කරගෙන තනා ඇති ඉහල මට්ටමේ විචල්‍යය දත්ත වර්ගයකි. මෙහි අක්ශර පෙලක්ම ගබඩා කර තැබිය හැකිය. ගබඩා කර තබන අක්ශර ප්‍රමාණය අනුව මතකයේ ගන්නා ඉඩ ප්‍රමානය වෙනස් වේ.



























































































No comments:
Post a Comment