පරිගනක මතකයේ කුඩාම මට්ටමේදී බිටු හා බයිට භාවිතා වුවද ඉතා විශාල මතක ප්‍රමාණයන් කාර්යක්ශමව භාවිතා කිරීමට ගොනු පද්දති (File Systems) භාවිතා වේ. මෙමගින් පරිගනකයේ ඇති දත්ත ගොනු (කට්ටි) වශයෙන් ගෙන කලමනාකරනය පහසු කරයි. පරිගනක වැඩසටහන්කරනයේදීද මෙය ඉතා වැදගත් වේ.
File Systems වල සරලම අදහස නම් පරිගනකයේ මතකය කට්ටි ලෙස බෙදා වෙන් කර ඒවාට නම් දීමය. ගොනු විශාල ප්‍රමානයක් ඇති විට ඒවා සියල්ල එක මට්ටමේ දර්ශනය නොකර නාමාවලි (Directories) තුල ගබඩා කිරීමද මෙම File System වල ලක්ශනයකි.
FAT, EXT3, CDFS, NTFS, exFAT යන නම් වලින් විවිධ File Systems ක්‍රම ඇත.
පරිගනක වල දත්ත ගබඩා කිරීමේ තවත් ක්‍රමයක් වන දත්තමූල කලමනාකරන පද්දති (Database Management Systems - DBMS) ද මෙම File Systems වලට බොහෝ සමානකම් දක්වයි.
පරිගනක මතකයේ ඇති ගොනු කලමනාකරනය පරිගනකයේ මෙහෙයුම් පද්ධතිය (Operating System - Eg: Windows, Apple, Linux, Fedora) විසින්ම සිදු කරයි. පරිගනක වැඩසටහනකට ගබඩා කර ඇති ගොනුවක් විවෘත කිරීමට අවශ්‍ය වූ විට එය මෙහෙයුම් පද්ධතිය හරහා ඉල්ලිය යුතුය.
මෙහෙයුම් පද්ධතියේ ඇති FSD (File System Driver) මගින් අදාල ගොනුව ඇති ආචයකයේ චුම්භක හිස හෝ ලේසර් කාචය චලනය කිරීම පාලනය කරමින් එම ගොනුව කියවයි. එම නිසා යෙදුම් මෘදුකාංගයක් වැඩසටහන්කරනය කරන විට පරිගනකයේ ඉතා සියුම් කොටස් වල ක්‍රියාකාරීත්වය ගැන කරදර විය යුතු නැත. නමුත් මෙහෙයුම් පද්ධතියක් හෝ පද්ධති ධාවක මෘදුකාංග (Drivers) වැඩසටහන් කරනය කරන විට පරිගනකයේ මතකයේ ඉතා සියුම් ක්‍රියාකාරීත්වයන් ද පාලනය කල හැක.
ඉහල මට්ටමේ පරිගනක භාෂා වලින් වැඩසටහන්කරනය කරන විට සියුම් ලෙස පරිගනක මතකය පාලනය කිරීමට ඉඩ නොදේ. ඒ මක්නිසාදයත් පරිගනක මතකයට කෙලින්ම ප්‍රවේශ වී එහි දත්ත වෙනස් කිරීමෙන් ආධුනික පරිගනක වැඩසටහන්කරුවෙකු විසින් පරිගනකයට හානි කරගත හැකි නිසාය. එම නිසා මෙහෙයුම් පද්ධතිය හරහා ගොනුවක් විවෘත කිරීම වඩා ආරක්ෂාකාරීය.
ඉහත අප සාකච්චා කලේ පරිගනකයේ ද්වීතීක මතකයේ ඉහල මට්ටමේ සවිධානය වී ඇති ආකාරයයි. පරිගනකයේ ප්‍රධාන මතකය යනු විද්‍යුත් වශයෙන් ක්‍රියාකාරී වේගවත් මතකයයි. එහි ඉඩ කඩ සීමා සහිතය. පරිගනක වැඩසටහනක් ධාවනය වන්නේ ප්‍රධාන මතකය මත සිටය. එහි File System වල වැනි විශාල දත්ත ප්‍රමාණයක් කලමනාකරනය කල යුතු වන්නේ නැත. නමුත් එහි මතක කොටසක් වේගයෙන් සොයාගැනීම සඳහා ඊට සමාන නමුත් වඩා සරල ක්‍රමයක් ඇත.
ප්‍රධාන මතකය කොටස් වලට වෙන් කරන්නේ එම අවස්ථාවේ පරිගනකයේ ක්‍රියාත්මක වන වැඩසටහන් සඳහාය. ප්‍රධාන මතකයේ ඇති සෑම බයිටයක් සඳහාම අනන්‍ය වූ ලිපිනයක් (Address) දෙනු ලබයි. එම මතක කොටසේ ගබඩා කර ඇති දත්ත ලබාගැනීමට එම ලිපිනය අවශ්‍ය වේ.
වැඩසටහනකට ප්‍රධාන මතකයෙන් ඉඩක් අවශ්‍ය වූ විට එම ඉඩ වෙන් කර දෙන්නේ ප්‍රධාන මතකයේ භාවිතා නොකල හිස් ඉඩ නොහොත් Heap එකෙනි. මෙම Heap (ගොඩ) ක්‍රියාත්මක වන්නේ අතු දෙක බැගින් බෙදුන වෘක්ශයක් ආකාරයටය.
පහල මට්ටමේ යන්ත්‍ර භාෂා වලින් වැඩසටහන් ලිවීමේදී මතකය පරිහරනය කරන්නේ ලිපිනයෙන් වුවද ඉහල මට්ටමේ පරිගනක භාෂා වලදී මේවාට භාවිතයට පහසු නම් දිය හැක. ඒවා මතකයේ ගබඩා කර ඇති විචල්‍ය දත්ත (Variables) ලෙස හැඳින්වේ. සෑම විචල්‍යයකටම මතකයේ අදාල ලිපිනයක් ඇත. මෙම දත්ත ඇත්තේද ප්‍රධාන මතකය තුලය.



























































































No comments:
Post a Comment